දේශීය

විශේෂ මෙහෙයුමෙන් සෘජු අපරාධවලට සම්බන්ධ 13ක් අත්අඩංගුවට

පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෙහෙයුමේ දී පුද්ගලයින් 28,140 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 626 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 246 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 54ක්.

Shares: