විදෙස්

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාරයක් – 05කට දිවි අහිමියි

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරවලින් එකම පවුලේ 15 හැවිරිදි දැරියක් ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව ආසන්න වශයෙන් මිසයිල 50 ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන 500 ක් එල්ල කළ බවයි.

එමෙන්ම ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම් ද සිදුව තිබෙනවා.

Shares: