උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20) රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටී සිදුවූ පිලි පැනීම හේතුවෙන් අද උදෑසනද දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කළේ.
මේ අතර කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම දුෂ්කරව ඇතැයි ද වාර්තා වනවා.
මේ හේතුවෙන් අද දින සවස හා රාත්‍රී පහත සඳහන් දුම්රියයන් අවලංගු කිරීමට කටයුතු යොදා ඇති.
අවලංගු කර ඇති දුම්රිය ගමන්වාර පහතින්,
පස්වරු 03.35 කොළඹ කොටුව සිට මහනුවර
පස්වරු 04.35 කොළඹ කොටුව සිට මාතලේ
පස්වරු 05.15 කොළඹ කොටුව සිට මහනුවර
පස්වරු 05.55 කොළඹ කොටුව සිට මහනුවර
පස්වරු 08.30 කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය
පස්වරු 03.25 මහනුවර සිට කොළඹ කොටුව
පස්වරු 06.00 බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ඇතුළුව අද දින ගමන් වාර 18 ක් අවලංගු කොට තිබෙනවා.











