දේශීය

බෙලරූස්හි ගුවන් යානයක් ‍පළමුවරට අද මත්තලට පැමිණෙයි

‍පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබෙනවා.

අද (28) දහවල් සංචාරකයින් පිරිසක් සමග අදාළ ගුවන් යානය එම ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් 170 දෙනෙකු සමග අදාළ ගුවන් යානය පැමිණීමට නියමිතයි.

රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් ද අද දිවයිනට පැමිණීමට නියමිතවයි ඇත්තේ.

Shares: