ව්‍යාපාරික

රන් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා.

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,120 පසුකර ‍ගොසිනුයි ඇත්තේ.

වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන්නේ මෙරට රත්‍රං මිල අද (11) දිනය වනවිට පසුගිය අඟහරුවාදා දිනට සාපේක්ෂව රුපියල් 8,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 7,000කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රු. 300,600ක්.

පසුගිය අඟහරුවාදා දින එම මිල ගණන් දැක්වුණේ රු. 293,200ක් ලෙසයි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී රු. 317,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 325,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Shares: