උණුසුම් පුවත්කාළගුණය

අද දහවල් පසු වැසි සහ ගිගුරුම් – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

අද (14) දින දහවල් 2.00න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකට මිලිමීටර් 50ට වැඩි ප්‍රමාණයේ තරමක් තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍යයෙන් හොඳ කාලගුණ තත්ත්වයක් පවතින අතර උදෑසන කාලයේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක මීදුම් තත්ත්වයන් ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි කාලීන තද සුළං සහ විදුලි කුණාටු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට මහජනතාව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Shares: