උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දෙන්නේ.

ඒ අනුව 2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් https://gapplication.moe.gov.lk යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද නිවේදනයේ සඳහන්.

Shares: