උණුසුම් පුවත්

ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් ලංකාවට

ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත්.

මේ අතරට සුනඛයින් සිව්දෙනෙකුට අයත්වනවා.

රට තුළ පවතින අයහපත කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස කඩිනමින් මුදාගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් ආපදා උපකරණ ද රැගෙනයි දිවයනට පැමිණ ඇත්තේ.

Shares: