ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙනවා.
මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ වාර්තා වූයේ දැඩි වර්ෂාපතනයක්.
මෙම තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පුරෝකථනය කර ඇත්තේ මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ඇති විය හැකි බවටයි.
එහිදී ජනතාවට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයන් කරා ළඟ වෙන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මේ හේතුවෙන් ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම, දංකොටුව, පන්නල, නාරම්මල, මීගමුව හා වෙන්නප්පු යන ප්‍රදේශවල පහත්බිම් ද යටවීමේ අවදානමකයි පවතින්නේ










