ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරනු ලැබුවා.
එහිදී උසස්වීම් පිරිනමා තිබූ නාවික හමුදා නිලධාරීන් ගණන 2,086 ක්.
ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ මහතාගේ නිර්දේශය මතයි.
ඒ අනුව, නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා.











