පානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසනවා.
ඊයේ (08) රාත්‍රී කාලයේ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මතයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.
මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මියගිය තරුණයා අවුරුදු 29ක් වූ තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලීසිය ප්‍රකාශ කළේ වයස අවුරුදු 54ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.











