දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබෙනවා.
සිදුවූ ආපදාවෙන් මේ වන විට නිවාස 5,325ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.
එයින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,815ක්.
දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම හානි වූ නිවාස ගණන 767ක් වනවා.
තවද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 476ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 415ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 404ක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 300ක්ද ආපදාවෙන් සම්පූර්ණ විනාශ වී ඇති බව එම වාර්තාවේ සඳහන්.
මේ අතර ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස අතුරින් ද වැඩිම නිවාස ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 13,422ක්.
අර්ධ වශයෙන් හානි වූ නිවාස අතරට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,601ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,830ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිවාස 4,809ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නිවාස 4,135ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නිවාස 3,742ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 3,600ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නිවාස 3,526ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 2,249ක් ලෙසයි වාර්තා වෙන්නේ.
පැවති ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ වැඩිම පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 98,146ක පුද්ගලයින් 349,429ක් බලපෑමට ලක්ව ඇතැයිද සඳහන්.
දෙවැනියට වැඩිම ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 85,803ක පුද්ගලයින් 328,847ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51,098කට අයත් පුද්ගලයින් 161,140ක් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 25,999ක පුද්ගලයින් 86,376ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 25,055ක පුද්ගලයින් 85,891ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ 23,641ක පුද්ගලයින් 77,451ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 22,918ක පුද්ගලයින් 67,340ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 21,948ක පුද්ගලයින් 72,359කද මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්වූවන් ලෙසයි වාර්තා වන්නේ.











