දේශීය

පාකිස්තානයෙන් තවත් මානුෂීය ආධාර තොගයක් ලංකාවට

පාකිස්තාන රජයෙන් විපතට පත් ජනතාවට ලබා දීමට පරිත්‍යාග කරන ලද මානුෂීය අධාර අන්තර්ගත බහාලුම් තොගයක් විශේෂ නෞකාවක් මඟින් ශ්‍රී ලංකා වරායට ගෙන එනු ලැබුවා.

එම ආධාර තොගය අද (15) ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් මහතා විසිනුයි කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දී ඇත්තේ.

මෙම මානුෂීය ආධාර අතර අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු බව සඳහන්.

එමෙන්ම කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල් , ඇඳ ඇතිරිලි , ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් මෙන්ම විදුලිය නොමැති කඳවුරුවල හා නිවෙස්වල අවතැන් වී සිටින, ආපදාවට ලක්ව ඇති ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආලෝක පහන් තොගයක් ද මෙම මානුෂීය ආධාර අතරට අයත්.

රජය වෙනුවෙන් එම මානුෂීය ආධාර භාර ගැනීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතායි සහභාගී වූයේ.

Shares: