Global Platform For All Sri Lankans

Lanka Hit News

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 328කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328ක් ලබා ගැනීමට සමත් වුණා.

තුන්වැනි දිනය සඳහා අද තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 242ක් රැස් කරගෙනයි සිටියේ.

දෙවෙනි තරඟයේ පළමු ඉනිමේදී පැතුම් නිස්සංක ලකුණු 89ක්ද, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 බැගින්ද වාර්තා කළා.

කමිඳු මෙන්ඩිස් සිය 5වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිමින් ලකුණු 48කටයි දැවී ගියේ.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 24කටත්, නායක ධනංජය ද සිල්වා ලකුණු 14කටත් පිටිය හැර යද්දී කුසල් මෙන්ඩිස්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 16කි.

පන්දු යැවීමේදී අප්‍රිකානු කණ්ඩායමේ Dane Paterson ලකුණු 71කට කඩුළු 05ක්ද, Keshav Maharaj සහ Marco Jansen කඩුළු 02 බැගින්ද, Kagiso Rabada එක් කඩුල්ලක් බැගින්ද දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 358ක් රැස් කළ දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 30ක් පසුපසිනුයි සිටින්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads