අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අද(22) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇත්තේ සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද කණ්ඩායමේ නායකයා බව අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.
මෙම වෙඩි තැබීමෙන් මියගිය කෝසල සිල්වා පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කරන ලද සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා බවයි ඔහු කියා සිටියේ.
එසේම කෝසල සිල්වා අම්බලන්ගොඩ ප්‍රදේශයේත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බවද හිටපු මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
එමෙන්ම මීට සති කිහිපයකට පෙර අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කළ විරන්ත වරුෂවිතාන අයද සමගි ජන බලවේගයේ තවත් ක්‍රියාකාරිකයෙක්.
ශාන් විජයලාල් ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම ක්‍රියාකාරිකයාද පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ කණ්ඩායමේ සමගාමී ලැයිස්තුවේ සිටි සාමාජිකයෙකු බවයි.











