දේශීය

ඉන්දීය විදේශ ඇමති සහ ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මේ වනවිට ද්විපාර්ශ්වයික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස එස්. ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණයි.

Shares: