දැනට අක්‍රීය වි ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේ ඒ සඳහා ඉන්දියාවේද සහය ලබා ගන්නා බවයි.
2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවකදී ජනතාවට ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව කුළුණු 77ක් පිහිටවනු ලැබුවා.
එහෙත් එම සියලු කුළුණු මේ වනවිට අක්‍රීය තත්ත්නයේයි පවතින්නේ.











