දේශීය

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිතර වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා විසින් සිය භාරයට ‍ගෙන තිබෙනවා.

නාවික හමුදාව ඊයේ (1) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාපනය – කරේනගර් මුහුදු සීමාවේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ.

මෙහිදී සැකකරුවන් ගමන්කළ යාත්‍රාවක් සහ මසුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණද නාවික හමුදාව විසින් සිය භාරගෙන ගෙන තිබෙනවා.

මේ වනවිට ඉන්දීය ධීවරයින් කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් ඉදිරි විමර්ශන සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

Shares: