කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
පසුගිය නොවැම්බර් මාසයේදී උද්ධමනය 2.1%ක් ලෙස දැක්වුණු අතර දෙසැම්බර් මාසයේදීද එය 2.01%ක් ලෙසයි නොවෙනස්ව පවතින්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම නිසා උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති බවයි.
කෙසේ නමුත් නොවැම්බර් සහ දෙසැම්බර් සංසදනය කිරීමේදී දෙසැම්බර් මාසයේදී ආහාර නොවන ඛණ්ඩයේ උද්ධමනය දශම එකකින් ඉහළ ගොස් ඇති අතර එය 1.08%ක් ලෙස සඳහන්.











