දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පුද්ගලයින් 28,333දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
එහිදී අත්අඩංගුවට ගත් විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 263දෙනෙක් වන අතර වරෙන්තුකරුවන් ගණන 141ක්.
ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 424දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.











