ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය එළැඹෙන 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.
පාකිස්තාන කණ්ඩායම අද සවස 5.15 ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.











