ක්‍රීඩා

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය එළැඹෙන 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු  ඇති.

පාකිස්තාන කණ්ඩායම අද සවස 5.15 ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

 

 
Shares: