ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය අද (11) සිටත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය අනිද්දා 13 දා සිටත්, වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක සඳහන් කළා.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබෙනු ඇති අතර, එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙනවා.
එසේම, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කෙරෙනු ඇති බවද සඳහන්.
Author: Lanka Hit News
Post Views: 25