Global Platform For All Sri Lankans

වනජීවී අපරාධයකට මෙතෙක් නියම කළ ඉහළම දඩය, සමනළ හොරකමට…

යාල වනෝද්‍යානයේ සමනල විශේෂ ඇතුළු කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් මිලියන 60ක දඩයක් නියම කර ඇති බව වාර්තා වනවා.

එය ඩොලර් 200,000කට සමාන වන බව සඳහන්.

68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත් මැටියා පසුගිය මැයි මසදී කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින්.

එහිදී ඔවුන් සන්තකයේ යාල වනෝද්‍යානයේ සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් අඩංගු භාජන රැසක් තිබී නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වූ ඔවුන්ට, වනජීවී අපරාධයක් සඳහා ඉහළම දඩය නියම කර ඇති බව සඳහන්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads