ජනපති රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරය හදිසි කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා.
මෙසේ කාර්මික දෝෂයට ලක් වී ඇත්තේ, ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටර් යානය බවටයි සඳහන්.
ඒ අනුව, අද(14) පස්වරුවේ එම හෙලිකොප්ටරය එප්පාවල , කටියාව වෙල් යායටගොඩ බස්වා තිබෙනවා.
කෙසේ වෙතත් , හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂය මේ වන විට පරීක්ෂා කරමින් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවයි ජනාධිපති ආරක්ෂක අංශය සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 5