දේශීය

ලංකාවේ වාහන ආනයනය කිරීම තුළින් ලැබූ ආදායම බිලියන 904ක්

මෙරටට වාහන ආනයනය කිරීම තුළින් රජය රු. බිලියන 441ක් බලාපොරොත්තු වූ අතර ඉන් බිලියන 904ක ආදායමක් මේ වනවිට රජයට ලැබී තිබෙනවා.

අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතායි මේ බව සඳහන් කළේ.

මෙහිදී දින 90ක් ඇතුළත ආනයනය කරන ලද වාහන රේගුවෙන් නිදහස් කිරීමට සඳහා 3%ක බද්දක් එකතු වන බවත්, මාස 5ක කාලයක් තුළ මෙය 45%ක් පමණ දක්වා වැඩි වෙන බවත්, එමඟින් පාරිභෝගියාට එම අමතර මුදල දැරීමට සිදුවන බවද රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියා.

එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වාහන ආනයනයේ දී ආනයනකරුවන් වෙත මෙම අධිභාරය පනවා ඇත්තේ, රට තුළ විදේශ විනිමය රඳවා ගැනීමේ‍ අපේක්ෂාවෙන් බවයි.

Shares: