දේශීය

යාත්‍රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් 07ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු උතුර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස සිය භාරයට ගත් බවයි.

ඊයේ (20) රාත්‍රී කාලයේ, මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බවයි.

Shares: