දේශීය

වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

එම බන්ධනාගාරය මේ වන විට ගැසට් කර ඇති බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

බන්ධනාගාරවල නව ගොඩනැගිලි ඉදිකර රැඳවියන් ඒ වෙත කඩිනමින් යොමුකිරීම සඳහාද අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ, රාජ්‍ය ආයතන කිහිපයක ගොඩනැගිලි තෝරාගෙන ඒවා තාවකාලික බන්ධනාගාර ලෙස සකස් කිරීමද ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට මෙරට බන්ධානාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 39000කට අධික වනවා.

එහෙත්, බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව 11000ක් පමණක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Shares: