Global Platform For All Sri Lankans

ජනපති අනුර දළදා වහන්සේ වැඳපුදා ගනී..

 

නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.

එසේම, අනුර කුමාර දිසානායක ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දී, අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් ලබාදීමෙන් අනතුරුව මෙලෙස මහනුවර බලා පිටත්ව ගොස් ඇත්තේ ඔහු මෙතෙක් කල් භාවිත කළ සාමාන්‍ය මෝටර් රථවලින් වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, නව ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිත නොකර මෙලෙස සාමාන්‍ය රථ දෙකක් පමණක් යොදාගනිමින් කොළඹ සිට කුරුණැගල හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ මහනුවර වෙත පැමිණීම, එහි සිටි ජනතාවගේ ප්‍රශංසාවට ලක්ව ඇති බවද සඳහන්.

මහනුවර වෙත ගොස් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහනාහිමිවරුන් බැහැදැක සුහද කතාබහක ද නිරත වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පැය හැටපහක ජල කප්පාදුවක් , මෙන්න අහුවෙන ප්‍රදේශ…

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන්,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads