නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් කිසිදු මොඩියුලයක් ඉවත් කර ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
අද (03) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
ඇය පෙන්වාදෙන්නේ එම ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.











