ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇත. මෙම බදු ප්‍රතිශතයට යටත් සෙසු රටවල් වන්නේ ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ය. එමෙන්ම යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ද මෙම ප්‍රතිශතයම අදාළ වේ.
කෙසේ නමුත් ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, චීනය, ජපානය, නෝර්වේ, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ තායිලන්තය ඇතුළු රටවල් රැසකට 12.5%ක බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම නව බදු පැනවීමට මූලිකම හේතුව වී ඇත්තේ අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය බව වාර්තා වේ.
අමෙරිකානු අධිකරණ තීන්දුවකට අනුව ඉකුත් පෙබරවාරි මාසයේ දී ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය අත්හිටුවන නියෝගයක් ලබාදී තිබූ අතර, ඒ හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක් දක්වා පමණි. ඒ අනුව අදාළ කාලසීමාව අවසන් වීමට නියමිත බැවින් මෙම නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]











