නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින් නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේදී එය මනා පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ක්‍රීඩාව තරගයකින් එහාට ගිය දෛනික ජන ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකමක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ක්‍රීඩා තරග පැවැත්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ අත්පත් කර ගැනීම පමණක් නොව සමස්ත සමාජය තුළ ක්‍රීඩා ප්රබෝධයක් ඇතිවන අයුරින් ඒවා සැලසුම් කළ යුතු බව අවධාරණය කළේය.
එමෙන්ම 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, පුහුණු කිරීම සහ පහසුකම් සැපයීම සිදු කරමින් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ඔවුන් සූදානම් කිරීමේ වැදගත්කම ද ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]











