දේශීය

බේරුවල නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානය වැටලූ වලාන මෙහෙයුම

බේරුවල ප්‍රදේශයේ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත්තේ,  වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින්.

එම බලකායේ බුද්ධි අංශ නිලධාරීයෙකු උපායශිලීව ගබ්සා කිරීම සඳහා දිනයක් ලබාගත් බවට සඳහන් වනවා.

ඉන් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවකට අනුව අද (08) දින වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ විශේෂ පොලිස් කණ්ඩායම අදාළ වැටලීම සිදු කර තිබෙනවා.

Shares: