දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් නගාසිටුවීමට රජයේ මැදිහත්වීමක්? – ඉදිරියට නව සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රජය සෘජුවම මැදිහත් වීමට සැලසුම් කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසා තිබෙනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින අතර එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි.

එමෙන්ම, ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ආරක්ෂා කරමින් ගැටලු විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ ද සාකච්ඡා පැවැත්වෙන බවද ඔහු තවදුරටත් පවසා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවක් යටතට පත් කිරීම පිළිබඳව ද මේ වන විට සාකච්ඡා පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි සති කිහිපය තුළ ගන්නා බව ද වැඩිදුරටත් අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන ක්‍රිකට් නැවත ජයග්‍රාහී මාර්ගයට ගෙන ඒම සඳහා රජය විසින් ගන්නා මෙම පියවර ඉදිරියේදී කෙසේ හැඩගැසෙන්නේ ද යන්න පිළිබඳව ක්‍රීඩා ලෝලීන් අතර දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

Shares: