පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා නිල වශයෙන් වැඩ භාර ගත්තා.
ඔහුගේ වත්මන් තනතුරට අමතරව, දිවයින පුරා නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකාය (STF) අනුයුක්ත ඒකකයේ ප්‍රධානියා ලෙසද ASP ඕලුගල මහතා කටයුතු කරනු ලබනවා.
ඉහළ පෙළේ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන, නීතියේ රැහැනට පමුණුවීමේ අරමුණින් ASP ඔලුගල මහතා දේශීය හා ජාත්‍යන්තර පොලිස් මෙහෙයුම් රැසක් නායකත්වය දරා තිබෙනවා.
මෑතකදී ඔහුගේ නායකත්වයෙන් සාර්ථකව සිදු වූ මෙහෙයුම් අතර, ඉන්දුනීසියාවේ ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු කුප්‍රකට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, මෙන්ම නේපාලයේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අවශ්‍ය සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් ඇතුළත් වනවා.
ASP රොහාන් ඕලුගල මහතාගේ නායකත්වය මඟින්, දිවයින පුරා නීතියේ ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.











