ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM) ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේදී සිදු වූ ගාස්තු වැඩිවීම් පිළිබඳ විශේෂ විගණනක් ජාතික විගණන කාර්යාලය විසින් සිදු කර තිබේ.
විගණනයෙන් හෙළිවූ ප්‍රධාන කරුණු
* පාඨමාලා ගාස්තු 33% සිට 75% දක්වා වැඩි වී තිබේ – NSBM ආයතනය විසින් සිසුන්ට අහිතකර ආකාරයෙන් විශාල වශයෙන් ගාස්තු වැඩි කර ඇතැයි විගණනයේ සඳහන්.
* විශ්වවිද්‍යාලය පාඨමාලා ගාස්තු වැඩි කිරීමේදී අනුගමනය කළ යුතු ක්රියාපටිපාටී නොඅනුගමනය කළ බව වාර්තාව පෙන්වයි.
* රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විසින් 2020 සැප්තැම්බර් 24 දිනැති ලිපියට අනුව, පාඨමාලා ගාස්තු වැඩි කිරීම වසර තුනකට වරක් පමණක් සිදු කළ යුතු බව අවධාරණය කර තිබෙනවා.
* 2020–2023 දක්වා කාලය තුළ, අනුමත උපාධි පාඨමාලා 20කට සම්බන්ධව එක් වසරකට අවස්ථා දෙක බැගින් පාඨමාලා ගාස්තු 33%–75%ක් දක්වා වැඩි කර තිබෙනවා.
* 2019–2023 කාලය තුළ වාර්ෂික ආදායම සහ වියදම් ගැලපීමේදී අලාභයක් වාර්තා කර ඇත්තේ 2019 වසරේ රු. මිලියන 8.4ක් පමණි.











