කොත්මලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරී හත් දෙනෙකු, අද (අප්‍රේල් 1) දින කොත්මලේ වෙදමුල්ල – රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ නීති විරෝධී මත්පැන් පෙරන ස්ථානයක් වැටලීමේ මෙහෙයුමකදී බඹර ප්‍රහාරයට ලක් වී තිබෙනවා.
මෙහෙයුම අතරතුර, අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගසක තිබූ බඹර කූඩුවක් කැළඹී, නිලධාරීන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කළා.
තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ඇති අතර අනෙක් පස් දෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති තිබෙනවා. තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව තහවුරු කර තිබෙනවා.











