කාළගුණයදේශීය

දැඩි උෂ්ණත්වයට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට “අවවාදයයි” මට්ටමේ අනතුරු ඇඟවීමක්

දිවයින පුරා උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලට සමඟ මොනරාගල දිස්ත්‍රික්කයට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

හෙට (අප්‍රේල් 2) දින, මෙම ප්‍රදේශවල සමහර ස්ථානවල
තාප දර්ශකය (Heat Index) “අවවාදයයි” මට්ටම දක්වා ඉහළ යා හැකි බව අනාවැකි කර තිබෙනවා.
මෙය වාතයේ ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය එකට ගත් විට, මිනිස් සිරුරට දැනෙන සැබෑ උණුසුම වනවා.

දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන්, ඇතිවන තෙහෙට්ටුව (Heat Fatigue), බරපතල තත්වයන්වලදී Heat Stroke වැනි අවදානම්
ඇතිවිය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

ඔබට මේ සඳහා ගත හැකි සරල නමුත් වැදගත් ක්‍රියාමාර්ග ලෙස, බහුලව ජලය පානය කිරීම. දහවල් කාලයේ (12pm – 3pm) එළිමහන් කටයුතු සීමා කිරීම, හිරු එළියෙන් ආවරණය වන ඇඳුම් හා තොප්පි භාවිතා කිරීම, මහලු අය, දරුවන් සහ රෝගීන් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම අනිවාර්යෙන්ම අවධානයට යොමු කළ යුතු කරුණු වනවා.

උණුසුම සරලව නොසලකා හරින්න එපා—එය සෞඛ්‍යයට සෘජුව බලපාන අවදානමක් විය හැක.

 

Shares: