ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුමට දැඩි බලපෑමක් ඇති කරමින් විශාල ගින්නක් Geelong නගරයේ පිහිටි Viva Energy සමාගමට අයත් Corio තෙල් තෙල් පිරිපහදුවක් පුපුරා ගොස් තිබෙනවා.
බදාදා මධ්‍යම රාත්‍රියේ පිපිරීමක් සහ දැවැන්ත ගින්නක් පිළිබඳ වාර්තා වීමත් සමඟ හදිසි සේවා කණ්ඩායම් වහාම ස්ථානයට කැඳවා තිබුණා.
මෙම ශෝධනාගාරය Victoria ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 50%ක්, රටේ මුළු ඉන්ධනයෙන් 10%ක්
සපයන ප්‍රධාන මධ්‍යස්ථානයක් වනවා.
ආරක්ෂාව සහ වායු තත්ත්වය,
කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු වී නොමැති අතර, ගින්න තවමත් පවතින බැවින් අසල ප්‍රදේශවලට වායු ගුණාත්මකභාවය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඉන්ධන නිෂ්පාදනයට බලපෑම,
නමුත් තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන් නවතා නොමැති අතර ජෙට් ඉන්ධන, ඩීසල් සුළු ප්‍රමාණයකින් දැනට නිෂ්පාදනය කරමින් පවතිනවා.
එහෙත් Petrol නිෂ්පාදනයට දැඩි බලපෑමක් ඇති විය හැකි බව රජය අනතුරු අඟවා තිබෙනවා.
ගෝලීය අර්බුදයත් සමඟ තත්ත්වය තවත් ගැටලු රැසක්
ඉරානයේ යුද්ධ තත්ත්වය හේතුවෙන්
දැනටමත් ලෝක තෙල් අර්බුදයක් ඇතිවී ඇති අවස්ථාවක මෙම ගින්න “නොවිය යුතු වේලාවක සිදු වූ සිදුවීමක්” ලෙස
ඉන්ධන අමාත්‍ය Chris Bowen සඳහන් කර තිබුණා.
ඩීසල් මිල පසුගිය සති කිහිපයේදී දෙගුණ වී තිබෙනවා. ඉන්ධන හිඟය, panic buying හේතුවෙන් තවත් වැඩිවෙමින් පවතිනවා. ගුවන් සේවා ජෙට් ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වී තිබෙනවා.
ගින්නට හේතුව,
Fire Rescue Victoria අනුව, උපකරණ දෝෂයක් මෙයට හේතුව විය හැකි බවට සැක කරන අතර තවමත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.
සේවක ආරක්ෂාව,
ගින්න ඇතිවූ අවස්ථාවේ
50 – 100 අතර සේවකයින් සිටි අතර
ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.
Viva Energy ප්‍රධානියාගේ ප්‍රකාශය,
CEO Scott Wyatt ප්‍රකාශ කළේ, “අද අපගේ ප්‍රධාන අවධානය නිෂ්පාදනය නොව, ස්ථානය ආරක්ෂිත කිරීමයි” යන්නයි. ගින්න petrol නිෂ්පාදන ඒකක 2කට බලපා ඇති නමුත්
අනෙකුත් ඒකක කිහිපයක් අහිතකර නොවී පවතින බවද ඔහු සඳහන් කළා.
අසාමාන්‍ය සිදුවීමක්,
Geelong නගරාධිපති Stretch Kontelj
මෙය “අසාමාන්‍ය හා ඉතිහාසගත සිදුවීමක්” ලෙස හඳුන්වා තිබෙනවා. ගින්න තව පැය කිහිපයක් දිගටම දැල්විය හැකි බවත් එහි දැඩිතත්වය හේතුවෙන්
ගිනි නිවන කණ්ඩායම්ට සෘජුව මැදිහත් වීම සීමිත වී ඇති බවත් සඳහන් වනවා.
මෙම ගින්න ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුමට, ගෝලීය තෙල් වෙළඳපොළට, ඉදිරියේ මිල ඉහළ යාමට
බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.











