අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
වැසි අපේක්ෂිත ප්‍රදේශ,
අද දහවල් 1.00 පසු
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල
බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
උදෑසන තත්ත්වය,
බස්නාහිර සහ දකුණු මුහුදුබඩ ප්‍රදේශවලට
එසේම පුත්තලම දිස්ත්‍රික්කයට
උදෑසනමත් කෙටි වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
තද වැසි අනතුරු ඇඟවීම,
මිලිමීටර් 50 ට වැඩි තද වැසි සබරගමුව පළාත, ගාල්ල, මාතර, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇති විය හැකියි.
වෙනත් ප්‍රදේශ,
රටේ අනෙක් ප්‍රදේශවලට
සාමාන්‍යයෙන් හොඳ කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
මීදුම් තත්ත්වය,
උදෑසන කාලයේදී, මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වල, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල
මීදුම් තත්ත්වයක් ඇති විය හැක.
මහජනතාවට උපදෙස්,
ගිගුරුම් සමඟ ඇතිවන අකුණු, තද සුළං
වලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට
කරුණාකර අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න.











