දේශීය

කරන්දෙනිය රාජු” නැවතත් ශ්‍රී ලංකාවට

නීති විරෝධී අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කරන “කරන්දෙනිය රාජු” නැවතත් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව විශ්වාසදායක ආරංචි මාර්ග වලින් තහවුරු වී තිබෙනවා.

මිනීමැරුම් ඇතුළු අපරාධ 15කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ බවට සැක කෙරෙන මෙම පුද්ගලයා, ඉන්දියාවේ ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පසුව ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දීමට කටයුතු සිදු කර තිබෙනවා.

ඊයේ (17) දින විශේෂ CID කණ්ඩායමක් විසින් ඔහු නැවත දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළා.

තවත් වැදගත් කරුණක් වන්නේ, ඔහු සංවිධානාත්මක අපරාධ චෝදනා ලැබූ “කරන්දෙනිය සුද්දා”ගේ සහෝදරයා වීමයි.

 

Shares: