දේශීය

ඉන්ධන QR ක්‍රමය නැවත ක්‍රියාත්මකයි!

ඉන්ධන QR ක්‍රමය නැවත ක්‍රියාත්මකයි!

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, සිලෝන් පෙට්‍රෝලියම් සංස්ථාව (CPC) අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු QR කේතය මත පදනම් වූ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

CPC සභාපති ඩී. ජේ. රාජකරුණ මහතා සඳහන් කළේ, වාහන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පෙර පරිදිම පවතින බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගනිමින්, මෙම QR ක්‍රමය අප්‍රේල් 11 වනදා සිට තාවකාලිකව අත්හිටුවා තිබුණා.

නව ක්‍රමය යටතේ, සියලු වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම QR කේතය මගින් පමණක් සිදු කෙරෙනු ලබනවා. එය Odd-Even ( ඔත්තේ ඉරට්ටේ අංක අනුව) වාහන අංක ක්‍රමයට ක්‍රියාත්මක වනවා.

එබැවින්, ඔබගේ වාහන අංකය අනුව දින නියමයන් පිළිපදින්න අමතක කරන්න එපා.

Shares: