දේශීයඋණුසුම් පුවත්

රන් ආභරණ සොරකමකට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රන් ආභරණ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොටු වෙයි!

මීගමුව පොලිස් කොට්ඨාශය තුළ වාර්තා වූ රන් ආභරණ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය සහ කොළොන්නාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 42 සහ 44 වන පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් ඊයේ (04) මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පුත්තලම පොලිස් කොට්ඨාශය තුළ වාර්තා වූ තවත් රන් ආභරණ සොරකමකට ද මෙම සැකකරුවන් සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කරන ලද රන් මුදු 12ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, සොරකම් සිදු කිරීමට භාවිතා කළ බව කියන යතුරුපැදියද මීගමුව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් පවතිනවා.

YouTube:
https://www.youtube.com/@lankahitnews

Facebook:
https://www.facebook.com/officiallankahitnews

⚫ TikTok:

@lankahitnewsofficial

✖️ Twitter/X:
https://x.com/HitNewsLanka

Website:

Lanka Hit News

ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185

Email:
[email protected]

නවතම පුවත් ඉක්මනින්ම ලබාගන්න Lanka Hit News Page එක Follow කරලා තියාගන්න.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *