දේශීය

නිවසක් මතට වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි පිරිසක් මතට තවත් පස් කන්දක් කඩා වැටෙයි

නිවසක් මතට වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි පිරිසක් මතට තවත් පස් කන්දක් කඩා වැටෙයි

නිවසක් මතට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු මතට තවත් පස් කන්දක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුර සිදුව තිබුණේ මස්කෙළිය සාමි‍මලේ ප්‍රදේශයේදීය.

එම අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු පස් කන්දට යටවී ඇත.

ප්‍රදේශවාසීන් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ඇතිව පස් කන්දට යට වී සිටි පුද්ගලයින් 5දෙනා ගොඩට ගෙන මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

රෝහල් ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් පැවසීය.

Shares: