දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුරු මැද, පළාත්වල සහ හම්බන්තොට,, මොණරාගල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පැවැතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.











