උණුසුම් පුවත්දේශීය

කුලියාපිටියේ මාරක අනතුරක් – පාසල් සිසුන් ඇතුළු තිදෙනෙක් මරුට..

කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේ දී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයන් අතර පාසල් වෑන් රථ රියදුරා ද සිටින බව ද වාර්තා වනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අනතුරින් තවත් පාසල් සිසුන් 13 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

කුලියාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

Shares: