දේශීය

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවීකිරිමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවා ඇති බවයි අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ.

සේවකයින්ගේ පැමිණිම හා පිටවීම විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මීට අමතරව සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇති අක්‍රමිකතා අවම කිරිම එහි තවත් අරමුණක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Shares: