නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇති.
එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00ට කොළඹ කොටුව දක්වා පිටත්වී කොළඹ කොටුවට පෙ.ව. 08.30ට ළඟා වීමට සැලසුම් සකස් කර ඇති බව සඳහන්.
තවද, කොළඹ කොටුව – කන්කසන්තුරය නගරාන්තර දුම්රිය එළැඹෙන 25 සහ 28 යන දිනවල ධාවනයටයි සැලසුම් කර ඇත්තේ.
මෙම දුම්රිය පළමු පංතියේ වායු සමනය කල මැදිරි 09කින් සමන්විතයි.











