උණුසුම් පුවත්

නේපාලයේ තත්ත්වය ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බවයි.

පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනිතැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බව ද වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ අවධාරණය කර තිබෙනවා.

කෙසේ වුවත් අවසානයට ඉතිරි වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයක් නොමැති නේපාලයක් බවත්, රට තුළ සාමය ඇති කර ව්‍යවස්ථානුකූල ඡන්දයක් පැවැත්වීම පාලනය, බලය ගත් හමුදාවේ වගකීම බවයි රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයෙන් දක්වන්නේ.

බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්‍රමසිංහ මහතා එහි ප්‍රකාශ කරනවා.

එනිසා බුදුන් වහන්සේ දේශනා කළ ‘සප්ත අපරිහානී ධර්මය’ නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Shares: