මීට දින 6 කට ඉහතදී මියගිය නීතිඥවරයකුගේ නිවසින් අවි ආයුධ තොගයක් සොයා ගත් බව පොලිසිය පවසනවා.
මෙම නීතිඥවරයාගේ රත්නපුර ගොළුවාවිල පටුමඟ, නිවසේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි තොගයක් සහ උණ්ඩ තොගයක් එම පොලිසිය මගින් සොයාගෙන ඇති බවයි රත්නපුර පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.
මෙරට නිෂ්පාදිත රිවෝල්වර අවියක්, පිස්තෝල අවියක්, බැරලය අඩි දෙකයි අඟල් 06ක් දිග අවියක්, යකඩ බැරලයට සවි කරන ලද ස්පීන් එක සහිත අවියක්, උණ්ඩ 24ක්, අඩංගු කුඩා ටින් එකක්, හක්කපටස් 53ක්, බෝර 12 උණ්ඩ 383ක් හා බෝර 16 උණ්ඩ 57 ඇතුළු දේපළ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සිදුකළ විමර්ශනවලදී එම නිවස හිමි 71 හැවිරිදි නීතිඥවරයා මීට දින 6කට ඉහතදී මිය ගොස් ඇති බවයි.











